පරිගණක වැඩසටහන්

විශේෂ අධ්‍යාපනය හදාරන ළමුන්ට වැදගත් වන පරිගණක මෘදුකාංග කිහිපයක් හඳුන්වාදීම සහ ඒවා අන්තර්ජාලයෙන් ලබාගන්නා ආකාරය මෙම වෙබ් පිටුවෙන් පෙන්වා දෙනවා. මෙම වැඩසටහන් විශේෂ අධ්‍යාපනය හදාරන්නන් සහාම නිර්මාණය කළ ඒවා නොවුනත් ඒවා ඔවුන්ට බෙහෙවින් වැදගත් වනු ඇතැයි සිතනවා. මෙම වැඩසටහන් ලබාගැනීමට පෙර WinRar නම් පරිගණක වැඩසටහන ඔබේ පරිගණකයේ ස්ථාපනය කර තිබිය යුතුයි. එය නොමැති නම් මුලින්ම එය ලබාගන්න.

DOWNLOAD NOW:
http://www.rarlab.com/rar/wrar420.exe



1. LoftyScribble


මෙම වැඩසටහන භාවිතා කරන කුඩා ළමුන්, මවුසය එහා මෙහා කිරීම හා  වර්ණවත් තිත් රටාවක් පරිගණක තිරය මත නිර්මාණය  වීම අතර සෘජු සම්බන්ධතාවයක් පවතින බව තේරුම් ගන්නවා. කුඩා ළමුන්ට පරිගණකය හඳුන්වාදීමට මෙම වැඩසටහන භාවිතා කරන්න පුළුවන්.

DOWNLOAD NOW:
https://docs.google.com/file/d/0BwCdXjcLNme7N1N3d2ROa3VYbkk/edit



2. BabySplat
කුඩා ළමුන් පරිගණකයේ යතුරු පුවරුව සමග සෙල්ලම් කිරීමට කැමතියි. නමුත් පරිගණකය ක්‍රියාත්මකව පවතින විට එසේ කළහොත් සිදුවන දෙය අමුතුවෙන් කිව යුතු නැහැ. මෙම වැඩසටහන මගින් යතුරු පුවරුවට “පහර දීමේ දී” නොයෙක් හැඩයන් තිරයේ දිස්වන අතර හඬක් ද නිකුත් වෙනවා.

DOWNLOAD NOW:
http://www.syntap.com/downloads/BabySplat.zip



3. Pysycache
අවුරුදු 4-7 අතර ළමුන් සහා නිර්මාණය කර ඇති වැඩසටහනකි. නමුත් එය පරිගණක හුරුවක් නොමැති වැඩි වයස් කාණ්ඩ අතර‍ මෙන්ම ආබාධිත අය සහා ද සුදුසුයි. මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පරිගණක මවුසය භාවිතා කරන විවිධ ආකාරයන් පිළිබව හුරුවක් ලබා දීමයි. වැඩි විස්තර http://www.pysycache.org වෙබ් අඩවියෙන් ලබාගත හැක.

DOWNLOAD NOW:



4. GCompris
වයස අවුරුදු 2-10 අතර ළමුන් සහා නිර්මාණය කර ඇති, ක්‍රියාකාරකම් 100 කට වඩා අඩංගු, ඉහල ගුණාත්මක බවකින් යුතු පරිගණක වැඩසටහනකි. පරිගණකය හඳුනාගැනීම, ගණිතමය සංකල්ප, කියවීම, විද්‍යාව සහ තවත් බොහෝ කාණ්ඩවලට අයත් ක්‍රියාකාරකම් සහ අධ්‍යාපනික ක්‍රීඩාවලින් සමන්විතය. වැඩි විස්තර www.gcompris.net වෙබ් අඩවියෙන් ලබාගත හැක.

DOWNLOAD NOW:
http://gcompris.net/download/gcompris-12.11.exe



5. Tux Paint
මෙය ඉතා ජනප්‍රිය චිත්‍ර ඇඳීමේ හා පාට කිරීමේ වැඩසටහනකි. පරිගණක චිත්‍ර කලාව සහා අත්පොත් තැබීමට මෙය කදිම ‍ය. මෙහි අතුරු මුහුණත ළමුන් සඳහාම ගැලපෙන සේ සකස් කර ඇත. නිර්මාණය කළ චිත්‍ර නැවත බලාගැනීම සඳහා සුරක්ෂිත කර තැබිය හැකිය. වැඩි විස්තර http://www.tuxpaint.org වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

DOWNLOAD NOW:
Program
Rubber Stamps (Optional)



6. Tux Typing
ළමුන්ට යතුරු පුවරුව හැසිරවීමේ හුරුවක් ලබා දෙන වැඩසටහනකි. යතුරු පුවරුව හුරුවීම සඳහා පාඩම් මාලාවක් සහ ක්‍රීඩා දෙකක් ද මෙයට ඇතුළත් කර තිබේ.

DOWNLOAD NOW:
https://alioth.debian.org/frs/download.php/3294/tuxtype-1.8.1-win32-installer.exe



7. Cyberlink YouPaint

මෙය ළමුන් සඳහා නිර්මාණය කළ විනෝදාත්මක මෙන්ම වර්ණවත් චිත්‍ර හා පින්තාරු කිරීමේ වැඩසටහනකි. ළමුන්ට තමන්ට කැමති චිත්‍ර නිර්මාණය කිරීමට මෙන්ම කළින් සකසන ලද රූප යොදාගෙන නිර්මාණය වඩාත් අලංකාර කර ගත හැකිය. ස්පර්ශ සංවේදී තිරයක් සහිත පරිගණකයක් ඇත්නම් මෙම වැඩසටහන භාවිතයෙන් ඇඟිල්ලෙන් වුවද චිත්‍ර ඇඳිය හැකිය! වැඩි විස්තර http://www.cyberlink.com/products/youpaint/overview_en_US.html?&r=1 වෙබ් පිටුවෙන් ලබාගත හැකිය.

DOWNLOAD NOW:



8. Dataware


මෙය ළමුන් සඳහා නිර්මාණය කළ වැඩසටහන් කිහිපයක එකතුවකි.
  • පාට කරන චිත්‍ර පොත් (විවිධ චිත්‍ර සහිත පොත් 17 ක් ඇතුළත්ය). ලස්සන චිත්‍රයක් ලැබෙන පරිද්දෙන් පාට කළ යුතුය.
  • ස්ටිකර් පොත් හා ක්‍රියාකාරකම් සහිත ස්ටිකර් පිටු 12 ක්. ස්ටිකර් නොයෙක් ස්ථානවලට ගෙනයාමෙන් චිත්‍රයක් නිර්මාණය කළ හැකිය.
  • චිත්‍ර දෙකක ඇති වෙනස්කම් සෙවීමේ ක්‍රීඩා. දී ඇති චිත්‍ර දෙකක් එකිනෙකට බොහෝදුරට සමාන වන නමුත් වෙනස් කම් 10 ක් ඇත. ඒවා සෙවිය යුතුය.
  • ගණිතය ඉගෙන ගැනීම සඳහා  සැකසූ පාට කරන ක්‍රියාකාරකම්. ගණිත ගැටළුවලට නිවැරදි පිළිතුර ලැබෙන සේ ගැලපෙන පාටවලින් චිත්‍රය පාට කළ යුතුය.
  • ගැටළු විසදීමේ ක්‍රීඩා. නිවැරදි කොටස් ගලපා චිත්‍රය සම්පූර්ණ කළ යුතුය.
  • නිවැරදි පාර සෙවීමේ ක්‍රීඩා. 
  • එකිනෙකට සමාන රූප දෙකක් සෙවීම. මෙමගින් මතක ශක්තිය මැන බැලේ.
වැඩි විස්තර සහා http://www.datawaregames.com වෙබ් අඩවියට පිවිසෙන්න.

DOWNLOAD NOW:
http://www.datawaregames.com/html/kids.htm



9. Leah's Farm Paint and Play

මෙමගින් ගොවිපොලක ඇතිකරන සතුන් පාට කිරීමට ළමුන්ට අවස්ථාව ලබා‍දෙයි. චිත්‍ර 23ක් පාට කළ හැකි අතර පාට කරන ලද චිත්‍ර නැවත බලා ගැනීමට සුරක්ෂිත කර තබා ගත හැකිය. කොටස් එකතු කර සත්ව රූප 10 ක් තැනීමට ද මෙමගින් අවස්ථාව ලැබෙයි.

DOWNLOAD NOW:
http://ftp2.bmtmicro.com/leahs-paint-demo-setup.exe



10. Transport Dot to Dot

වයස අවුරුදු 3-6 අතර ළමුන් සහා නිර්මාණය කර ඇති තිත් යා කර රූපයක් ගොඩනැගීමේ ක්‍රීඩාවකි. අංක හෝ අකුරු පිළිවෙලට තිත් යා කිරීමෙන් වාහනයක රූපයක් මතු වන අතර එමගින් ඉලක්කම් සහ ඉංග්‍රීසි හෝඩියේ අකු‍රු නිවැරදි පිළිවෙලට ඉගෙන ගැනීමට හා උච්චාරණය කිරීමට ළමුන්ට හැකියාව ලැබේ.

DOWNLOAD NOW:
http://ftp2.bmtmicro.com/transport-demo-setup.exe



11. JumpStart  - Knowledge Adventure Learning Series



ළදරු වියේ සිට ප්‍රාථමික පාසල් විය දක්වා ළමුන් සහා නිර්මාණය කර ඇති අධ්‍යාපනික වැඩසටහන් පෙළකි. ඉගෙනීම සහා ළමයා තුළ ඇති නිස ලැදියාව දිරිමත් කිරීමෙන්, නූතන අධ්‍යාපන ප්‍රවණතා නවීන පරිගණක තාක්ෂණය සමග මුසු කොට විනෝදාස්වාදය තුළින් ඉගෙනීමේ ක්‍රමවේදයක් මෙමගින් ගෙන එයි. මෙම කාණ්ඩයේ සෑම වැඩසටහනකම කියවීම, ගණිතය, භාෂා, විද්‍යා, කලා, සංගීතය සහ තවත් ක්ෂේත්‍ර රැසක අදාල වයස් කාණ්ඩවල විෂය නිර්දේශයට අනුකූලව සැකසූ විනෝදාත්මක ක්‍රියාකාරකම් අඩංගුය.

ප්‍රකාශන හිමිකම් වලට අනුකූලව මෙම වැඩසටහන් පෙළ නොමිලේ ලබාගත නොහැකිය, යම් මුදලක් ගෙවා ලබා ගත යුතුය.


12. Typing Instructor for Kids - (Platinum Edition)




නිවැරදිව යතුරු පුවරුව භාවිතා කිරීම හා යතුරු පුවරුව දෙස නොබලා වේගවත්ව හා නිවැරදිව ඉංග්‍රීසි අකුරු ටයිප් කිරීම සම්බන්ධ හුරුවක් ලබාදෙන වැඩසටහනකි. මෙය වැඩි වයස් කාණ්ඩවල ළමුන් සඳහා සුදුසු වේ.

මෙම වැඩසටහන මගින් ළමුන් පන්ති කාමරයෙන් බැහැරව දූපතකට ගෙනගොස් යතුරු පුවරුව හුරුකිරීමේ විනෝදාත්මක අත්දැකීමක් ලබාදෙයි. ටයිප් කිරීමේදී නිවැරදි ඉරියව්ව පවත්වා ගන්නා අන්දම, නිවැරදිව යතුරු පුවරුව මත ඇඟිලි තබාගන්නා ආකාරය හා වඩාත් හොඳින් ටයිප් කිරීමට ඉඟි ද මෙමගින් ලබා දෙයි. නිදන් දූපත තුළ සැරිසරන අතරවාරයේදී නිවැරදිව සිදුකරන ක්‍රියාකාරකම් සඳහා ලකුණු හා වටිනා ත්‍යාග ද ලබා දේ.

වරකට අකුරු කිහිපය බැගින් භාවිතා කරමින් සියලුම අකුරු, ඉලක්කම් හා සංඥා ටයිප් කිරීමේ හැකියාව ඉක්මනින් ම ලබා ගත හැකිවෙයි. නිශ්චිත නිරවද්‍යතාවයක් හා වේගයක් පවත්වා ගත නොගතහොත් ඊළඟ පියවරට යා නොහැකි වන අතර පාඩම් අතරවාරයේදී පරීක්ෂණයන් මගින් ලබාගත් හැකියාවන් තහවුරු කරගත යුතුය. මෙම වැඩසටහන තුළ අන්තර්ගත කර ඇති ක්‍රීඩාවන් මගින් නොදැනීම ටයිප් කිරීමේ කුසලතා වැඩිදියුණු කිරීමට සමත් වේ.


13. Alphabet Express



ළමුන්ට ඉංග්‍රීසි අකුරු හඳුන්වා දීමට නිර්මාණය කර ඇති විනෝදාස්වාදය සපිරි අධ්‍යාපනික වැඩසටහනකි. ඉගෙනීම විනෝදයක් වූ විට ළමුන් වඩාත් හොඳින් ඉගෙන ගනී’ යන සංකල්පය අනුව මෙය සකස් කර ඇත.


මෙමගින් ළමයා,

·       ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් සහ සිම්පල් අකුරු සියල්ල හඳුනා ගනී.

·       අකු‍රු, ශබ්ද සමග ගලපයි.‍

·       අකුරකින් පටන් ගන්නා වචන හඳුනාගනියි.

·       හෝඩිය හඳුන්වා දෙන ගීතයකට සවන් දෙයි.

·       අකුරු සහ අකුරුවලින් පටන් ගන්නා රූප පාටකරයි.

·       තිත් යාකිරීමේ ක්‍රියාකාරකම මගින් අකුරු පිළිවෙලට යාකරයි.

·       අකුරු වලින් පටන් ගන්නා වචන තේරීමේ ක්‍රීඩාවක නිරතවෙයි.



14. ප්‍රාථමික අධ්‍යාපන වැඩසටහන.







 අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ පාසල්වල 1-5 ශ්‍රේණිවල ප්‍රාථමික ළමුන් සහා නිර්මාණය කරන ලද අධ්‍යාපනික වැඩසටහනකි. සිංහල, ගණිතය, හා ඉංග්‍රීසි කුසලතා වැඩි දියුණු කිරීම සහා මෙය උපකාරී වේ. විෂය නිර්දේශයට අනුකූලව සකසා ඇති ක්‍රියාකාරකම් විනෝදාත්මක අන්දමින් ඉදිරිපත් කර ඇත.






15. Little Fingers
          



ප්‍රාථමික පන්තිවල සිසුන් සහා නිර්මාණය කර ඇති වැඩසටහනකි. විෂය නිර්දේශයට අනුකූල ක්‍රියාකාරකම් රැසක් විනෝදාත්මක ක්‍රියාකාරකම් ලෙසින් ඉදිරිපත් කර ඇත. ගණිත කුසලතා ඉහල නැංවීම සහා ඉදිරිපත් කර ඇති ක්‍රියාකාරකම් විශාල සංඛ්‍යාවක්  ද මීට අඩංගුය.

16. Bluestacks







ඉහල පද්ධති අවශ්‍යතා සහිත පරිගණකවල පමණක් (4GB RAM, 2GB VGA) ක්‍රියාත්මක වන මෙම වැඩසටහන් පෙළ සම්පූර්ණයෙන්ම නොමිලේ අන්තර්ජාලය ඔස්සේ ලබා ගත හැකිය. මේ සඳහා මාර්ගගත Google ගිණුමක් තිබිය යුතුය.  මෙම වැඩසටහන් පෙළ ප්‍රාථමික පන්තිවල සිසුන්ගේ විවිධ කුසලතා ආවරණය වන පරිදි සකසා ඇති අතර නූතන තාක්ෂණය උපරිමයෙන් භාවිතා කර ඇත.



තවත් පරිගණක වැඩසටහන් පිළිබ විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.




No comments:

Post a Comment