කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලය, මහනුවර දිස්ත්‍රික්කයේ
දෙනුවර අධ්‍යාපන කලාපයේ, උඩුනුවර කොට්ඨාශය තුළ පිහිටි පාසලකි. කොස්සින්න යනු
පේරාදෙණිය නගරයේ සිට කි.මී. 3ක් පමණ ගම්පොල දෙසට වන්නට පිහිටි කුඩා නගරයකි. එහි
මහනුවර-ගම්පොල ප්‍රධාන මහා මාර්ගයට මුහුණලා ප්‍රාථමික අංශයත්, ඊට මීටර් 700ක් පමණ
බටහිර දෙසින් කණිෂ්ඨ ද්විතීයික අංශයත් පිහිටා ඇත.
මෙම පාසල 1904 දී උපාසක මහතා නමින් හැඳින්වුනු බෞද්ධයෙකුගේ මූලිකත්වයෙන්, එස්. ඩී. අමරසිංහ මහතා විසින් පරිත්‍යාග කළ ඉඩමක කටුමැටි ගසා පොල් අතු සෙවිලි කළ ශාලාවක ආරම්භ කරන ලදී. ළමුන් හතර දෙනෙකුගෙන් යුත් බාලිකා පාසලක් ලෙස ආරම්භ කළ මෙහි 1912 වන විට සිටි ශිෂ්‍ය සංඛ්‍යාව 50ක් හා ගුරු මණ්ඩලය 03ක් විය. 1913 දී විදුහල මහා බෝධි සමාගමට පවරාගෙන ඇත. 1916 දී කොළඹ පරම විඥානාර්ථ සමාගම විසින් පාලනය භාරගෙන ඇති අතර ශිෂ්‍ය සංඛ්‍යාව 100 දක්වා ද ගුරු මණ්ඩලය 05 දක්වා ද වැඩිවී ඇත. 1960 දෙසැම්බර් 15 වැනි දින මෙම පාසල රජයේ පාලනයට පවරාගෙන ඇති අතර 1964 මාර්තු 01 වැනි දින සිට මිශ්‍ර පාසලක් බවට පත්විය. 1976 දී අඩි 100X20 ස්ථිර ගොඩනැගිල්ලකට ද්විතීයික අංශය ගෙන යන ලදී.
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන කණිෂ්ඨ ද්විතීයික අංශය, අක්කර 2½ ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී. අඩි 100X20 ප්‍රමාණයේ ගොඩනැගිලි 2ක් ඇත. සාමාන්‍ය ප්‍රමාණයේ ක්‍රීඩා පිට්ටනියක් මෙම විද්‍යාලය සතුය. කුඩා විද්‍යාගාරයක් හා පුස්තකාලයක් ද ඇත. විද්‍යාලය තුළ එල්ලේ, වොලිබෝල්, නෙට්බෝල් ආදී ක්‍රීඩා ක්‍රියාත්මකව පවතී.
වර්තමානයේ මෙම විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ. 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන ප්‍රාථමික අංශය තුළ විශේෂ අධ්‍යාපන ඒකකය පිහිටා ඇත. කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලයේ වත්මන් විදුහල්පති පී.කේ.ඩී. මහින්ද මහතාය. ගුරු මණ්ඩලය 24ක් පමණ වන අතර මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 120 ක් පමණ වේ.

No comments:
Post a Comment