ගුරු මණ්ඩලය


1. පී. එච්. සී. අත්තරගම මහත්මිය
විශේෂ අධ්‍යාපන ඒකකය ආරම්භ වූ 1994 ජනවාරි මස 21 වන දින වි‍ශේෂ අධ්‍යාපන ඒකකයට එක් විය. ප්‍රාථමික පුහුණු ගුරුවරියකි. මහරගම, ජාතික අධ්‍යාපන ආයතනයෙන් විශේෂ අධ්‍යාපනය පිළිබඳ පුහුණු ඩිප්ලෝමා සහතිකය ලබා ඇත. 


2. සෙනෙවිරත්න මහතා
විශේෂ අධ්‍යාපන ඒකකයේ ආරම්භයෙන් පසු මුල් අවධියේදී එක්වූ ගුරු මහතෙකි. පසුව ස්ථාන මාරු ලැබ නික්ම ගියේය.


3. එච්. එම්. චන්ද්‍රාවතී මහත්මිය
ප්‍රාථමික පුහුණු ගුරුවරියකි. විශේෂ අධ්‍යාපනය පිළිබ කෙටිකාලීන පුහුණුව ලබා ඇත. ප්‍රාථමික අංශයේ අංශාධිපතිනිය ලෙස ද ක්‍රියා කර ඇත. 2008 වසරේදී විශේෂ අධ්‍යාපන ඒකකයට එක්  විය. 2015.03.28 දින ගුරු සේවයෙන් විශ්‍රාම ලැබුවාය.



4. ඒ.‍ එස්. වික්‍රමසූරිය මහතා
ඉංග්‍රීසි පුහුණු ගුරුවරයෙකි. 2012 ව‍සරේදී විශේෂ අධ්‍යාපන ඒකකයේ පරිගණක අංශයට එක් විය.



5. ඩබ්ලිව්. ධර්මසිරි මහතා
දෙනුවර අධ්‍යාපන කලාපයේ විශේෂ අධ්‍යාපනය පිළිබඳ ගුරු උපදේශක ව‍රයෙකි. 2001 වසරේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය ලැබීය. 2007 වසරේදී ජාතික අධ්‍යාපන ආයතනයෙන් විශේෂ අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමා සහතිකය ලබාගත් අතර 2008 වසරේදී කොළඹ වි‍ශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලැබීය. 2010/2011 ව‍සරවලදී විවෘත වි‍ශ්ව විද්‍යාලයෙන් විශේෂ අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හිමිකර ගත්තේය. 2013.03.08 දින විශේෂ අධ්‍යාපන ඒකකයට එක්විය.
2013 මැයි මස අග භාගයේදී මහ/දෙනු/ධීරානන්ද මහා විද්‍යාලයට ස්ථාන මාරු ලැබ නික්ම ගියේය.


6. ශිරානි වින්සන්ට් මහත්මිය
ඉංග්‍රීසි පුහුණු ගුරුවරියකි. 2015 පෙබරවාරි මාසයේදී විශේෂ අධ්‍යාපන ඒකකයට එක් විය.


7. ඉන්ද්‍රානි පුෂ්පලතා මහත්මිය
ප්‍රාථමික පුහුණු ගුරුවරියකි. 2016 වසරේදී විශේෂ අධ්‍යාපන ඒකකයට එක් විය.

8. මෙත්තා දිසානායක මහත්මිය
ප්‍රාථමික පුහුණු ගුරුවරියකි. 2017 වසරේදී විශේෂ අධ්‍යාපන ඒකකයට එක් විය.

No comments:

Post a Comment